'කතානායක තීන්දුවකට අභියෝග කරන්න බැහැ' - සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල.


කතානායක තීන්දුවකට කිසිම අධිකරණයකදී අභියෝග කරන්න නොහැකි බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද නිවේදනයක් නිකුත් කරමිනි,

එම නිවේදනය පහතින්,

"එ්කාබද්ධ කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය ලබාගැනීම පිලිබඳ නොයෙකුත් ප‍්‍රකාශයන් සිදුකරමින් සිටිනවා. නමුත් පාර්ලිමේන්තුවේ උත්තරීතර ප‍්‍රධානත්වය හොබවනු ලබන්නේ ගරු කතානායක තුමා විසිනුයි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උනුව විපක්ෂ නායක තනතුර හිමිවිය යුත්තේ පාර්ලිමේන්තුව පිලිගත් පක්ෂයකටයි. එ්කාබද්ධය පිලිගත් පක්ෂයක් නොවේ කල්ලියක් පමණයි. මේ සියළු කරුණු සලකා බලමින් එ්කාබද්ධ කණ්ඩායමට විරුද්ධ පක්ෂ නායකත්වය උදෙසා කිසිම අයිතියක් නොමැති බව කතානායකතුමා විසින් තීන්දුකර අවසන්. එම තීන්දුව කිසිඳු අධිකරණයක අභියෝගයට ලක්කිරීමේ හැකියාවක් නැහැ. හිටපු කතානායකවරයෙකු වන අනුර බණ්ඩාරනායක මහතා විසින්ද මීට පෙර එවැනිම පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙනවා. එ් නිසා එ්කාබද්ධය අද උසාවි යනවා කියමින් සිදු කරන්නේ ජනතාව උසිගැන්වීමේ කතාවක් පමණයි. එහි කිසිම පදනමක් නැහැ. මේ අය මේ දේ්වල් කියන්නේ ගැලරියට."

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment