''මෛත්‍රීව ගේන්නේ මහින්දට බැරි නිසා''- සන්ධාන ලේකම්.



මේ රටේ දේශපාලඥයින් අතර මහින්ද රාජපක්ෂ මහතා ජනප්‍රියම පුද්ගලයකු බව පිළිගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

මහින්ද අමරවීර මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (11දා) බෙලිඅත්ත සිටිනාමළුවව - ඉලුක්මුල්ල ප්‍රදේශයේදී ආරම්භ වූ "වැව් දහසක් - ගම් දහසක්" වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසුවේය.

''අපි එතුමාගේ ළඟ ඉඳපු කට්ටිය. එතුමාට අපි අදත් හිතවත් කට්ටිය. නමුත් එතුමාට මේ රටේ යළි ජනාධිපති වෙන්න බැහැ. ඒ යථාර්ථය අපි පිළිගන්න ඕන. ඊළඟට ජනාධිපති ධුරයට ගේන්න ඉන්න එකම පුද්ගලයා වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට රටට ආදරය කරන නායකයා විදියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා මීළඟ පොදු අපේක්‍ෂකයා විදියට ජයග්‍රහණය කරනවා. අපි ඒ මැතිවරණයටත් සූදානම්''


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment