කාන්තා සිරකාරියන් වහලේ සිටියදී පිටතින් කුඩු පාර්සල් විසි කරලාලු

https://www.gossiplankanews.com/2018/08/welikada-prison-women.html

යේ වැලිකඩ සිරගෙදර මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට සිරගතවූ කාන්තා රැඳවියන් පවත්වනු ලැබූ උද්ඝෝෂණය සවස්වරුවේ ඒ ඒ අය අතර කෙහෙවලු පටලාගෙන 4 දෙනෙකු රෝහල්ගතවීමේ සිද්ධියකින් පසු අවසන් වුණා.
මේ අතර ඔවුන්ට වහලයෙන් බැස පැමිණියහොත් වැලිකඩ බන්ධනාගාරයේ උද්ඝෝෂණවල යෙදී සිටින කාන්තා රැඳවූවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසා තිබූ අතර මෙම විරෝධතා ගණන් ගන්නේ නැති බව ඇමතිතුමිය කියා තිබුනේ ඔවුන්ට හිතවත්ව සිටි නිලධාරිනියක මාරුකර නව නිලධාරියෙකු යටතේ ඔවුන් නිවැරදිව පරීක්ෂා කිරීම ආරම්භ කළ නිසා

අයුතු වැඩ කිරීමට ඔවුන්ට අවස්ථාව නොලැබ පීඩනයකින් මෙම විරෝධය දක්වන බව අඟවමිනි.

මේ අතර රැඳවූවන් පිරිස උද්ඝෝෂණ සඳහා බන්ධනාගාරයේ වහලය මතට නැග ගත්තේ කෙසේදැයි ද විමර්ශනයක් සිද්ධ කරන බවත් උද්ඝෝෂණවල යෙදී සිටින කාන්තා රැඳවූවන් සිටින ප‍්‍රදේශයට බන්ධනාගාරයෙන් පිටත සිට මත්ද්‍රව්‍ය හෝ කෑම අඩංගු බවට සැක පාර්සල විසි කර ඇති බවත් ඒ ගැන පරීක්ෂණ අරඹා ඇති බවත් බන්ධනාගාර නිලධාරීන් දන්වා තිබේ.

කාන්තා රැඳවූවන් පිරිසක් බන්ධනාගාරයේ වහලය මත නැගී මෙලෙස උද්ඝෝෂණයේ යෙදී සිටින්නේ නඩු කටයුතු කඩිනම් කර තමන්ට ඇප ලබා දෙන්නැයි බවට ඇතැම් මාධ්‍ය වාර්තා පළවුවද සත්‍ය ලෙසම ඔවුන්ට පවතින ගැටලුව වන්නේ මේ දක්වා ඔවුන්ට හිතවත්ව සිටි නිලධාරිනියක ලබාදුන් ජංගම දුරකථන පාවිච්චියේ නිදහස පිටතින් කෑම ගැනීමේ නිදහස හා මත්ද්‍රව්‍ය ලබාගැනීමේ නිදහස ඇමතිතුමියගේ නියෝගය මත එම නිලධාරිනිය මාරුකිරීම නිසා අහිමිවීයාම බවත් නව නිලධාරියාට එරෙහිව ඇතුළෙන් සටන මෙහෙයවන්නේ පෙර නිලධාරිනියම බවත් වාර්තාවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment