කැලණි සරසවියේ කථිකාචාර්ය නිල කාමරය කැඩූ බීමත් විද්‍යා සිසුන් තුන්දෙනා


කැලණි විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා අංශයේ කථිකාචාර්යවරුන්ගේ නිල කාමර කිහිපයකට බීමත්ව පැමිණ අලාභ හානි සිදු කළ එහි විද්‍යා පීඨ සිසුන් තිදෙනකු
කිරිබත්ගොඩ පොලිසියේ නිලධාරීන් විසින් ඊයේ (20දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිසුන් තිදෙනා අරලගන්විල, ගණේමුල්ල සහ සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්

මොවුන් කොහොල්විල විද්‍යා පීඨ සිසු නේවාසිකාගාරයේ නැවැතී සිටිමින් අධ්‍යයන කටයුතු සිදු කරන බවද පොලිසිය සඳහන් කරයි.

ඉකුත් 11 වැනි දින රාත්‍රියේ මෙම සිසුන් තිදෙනා බීමත්ව උඩුකයද නිරාවරණය කරගෙන යතුරුපැදියක නැඟී රසායනික විද්‍යා අංශයට පැමිණ තිබේ.

ඔවුන් එහි ‍ෙදාරවල් කඩා ඊට ඇතුළු වී කථිකාචාර්යවරුන්ගේ නිල කාමරවලට පහර දෙමින් අලාභ හානි සිදු කර ඇත.

කොළඹ, නුවර පාරේ පිහිටි පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයේ සවි කර ඇති සීසීටීවී කැමරා මාර්ගයෙන් මින් එක් සැකකරුවකුගේ අනන්‍යතාව තහවුරු කරගෙන මෙසේ අත්අඩංගුවට ගැනීම සිදු කළ බව උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

එම අලාභයේ දේපළවල තක්සේරුව රුපියල් දෙලක්ෂ හතළිස් දහසකට අධික බවද පොලිසිය පවසයි.

පොදු දේපළ පනත යටතේ මෙම සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිසුන්ට මේ දිනවල විභාග කටයුතු පැවැත්වෙන බවද පොලිසිය පවසයි.

චාමර අමරසූරිය, බියගම කේ. දුමින්ද

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment