'දේශපාලන ආධාරකරුවන් මත්කුඩු දමා අත්අඩංගුවට ගන්නේ නෑ'


දේශපාලනඥයන්ගේ ආධාරකරුවන් මත්ද්‍රව්‍ය දමා අත්අඩංගුවට ගන්නා බවට සිදුකරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව නීතිය හා සාමය රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය.

එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දේශපාලනඥයන් ළඟ සිටියත් අත්අඩංගුවට ගන්නා බවත්, බොහෝ ජාවාරම්කරුවන් දේශපාලනඥයන්ට මුවා වී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට උත්සහ කරන බවත් අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් මර්දනය කිරීමට ඉදිරියේදී පොලීසිය පොලිස් විශේෂ කාර්ය බළකාය එක්කර අඛණ්ඩ මෙහෙයුමක් සිදුකරන බවද ඒ මහතා පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment