ගම්පෙරලිය වැඩසටහනින් මාතරට මිලියන 1400ක්.



ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් එක් මැතිවරණ කොට්ඨාසයකට රුපියල් මිලියන 200 බැගින් මාතර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 07 සඳහා රුපියල් මිලියන 1400 ක මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහි පිහිටි ග්‍රාම නිලධාරී වසම් 650 කේන්ද්‍රකර ගනිමින් ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන මගින් සෑම ගමකම හරිත උද්‍යානය බැගින් පිහිටු වීමට නියමිත අතර ගම්වල ඇති කුඩා වැව් ද ප්‍රතිසංස්කරණය කෙරේ. 

ග්‍රාමීය ජනතාවගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීමට අවශ්‍ය ව්‍යායාම හා ක්‍රීඩා පහසුකම් සංවර්ධනය කිරීම, පුස්තකාල පහසුකම් ලබා දීම, පොදු කටයුතු සඳහා මධ්‍යස්ථාන ඇති කිරීම හා සන්නිවේදන කටයුතු සඳහා වයිෆයි පහසුකම් ලබා දීම ආදී කටයුතු රාශියක් මේ යටතේ සිදු කිරීමට නියමිතය.

ගම්වල තිබෙන කුඩා පන්සල්, කොවිල්, දේවස්ථාන හා පල්ලි ආදී අඩු පහසුකම් සහිත ආගමික මධ්‍යස්ථාන ද සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ.

මාතර දිස්ත්‍රික්කයේ ගම්පෙරලිය කඩිනම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යෝජනා මේ දිනවල මැතිවරණ කොට්ඨාස මට්ටමින් ලබා ගනිමින් පවතී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment