රාජ්‍ය අංශයේ වැටුප් ගැන කැබිනට් නිර්දේශය මෙන්න.



සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමට මෙන්ම දුම්රිය සේවාව ඇතුලු වැටුප් විෂමතා පවත්නා ඇතැම් සේවාවන්හි එම විෂමතාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත්කරනු ලැබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව මෙම වැටුප් කොමිසම පත්කිරීමට අද දින (14) අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි.

රාජ්‍ය අංශයේ දැනට පවත්නා වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නාවූ වැටුප් චක්‍රලේඛවල විධිවිධාන කෙරෙහිද අවධානය යොමුකර ඒ හරහා රාජ්‍ය සේවයට ඇතිවන්නා වූ බලපෑම් අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මෙම කොමිසමට මාස දෙකක කාලයක් ලබාදී ඇත.

මෙම කොමිෂන් සභාවේ නිර්දේශය පරිදි දුම්රිය සේවාවද ඇතුළු වැටුප් විෂමතා පවත්නා රාජ්‍ය ආයතනවල වැටුප් විෂමතා ඉවත් කරමින් සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට රජය අපේක්ෂා කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment