දඩ ගහනවට විරුද්ධ නම් නීතියට පාරේ යන්න.



රථවාහන සඳහා හඳුන්වා දුන් නව දඩ ගාස්‌තු ක්‍රමයට විරෝධය පළ කිරීමට පෞද්ගලික බස්‌ රථ සේවක සංගමය අද (15දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩ වර්ජනය සඳහා කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ විරෝධය පළ කර තිබේ.

බස්‌ රථ සේවක සංගම් විසින් චෝදනා කරන ආකාරයට දඩ ගාස්‌තු ඉහළ දැමීම නිසා රියැදුරන් අපහසුතාවට පත්වන බව මිත්‍යාවක් බව සිය සංගමයේ අදහස බවද නිවේදනයක් නිකුත් කරමින් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය පවසයි.

එසේම යම් බස් රථයක් මාර්ග නීති කඩකරමින් ධාවනය නොකරන්නේ නම් දඩ ගෙවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, බස්‌ රථ සේවක සංගම් විසින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරමින් ඉල්ලා සිටින්නේ රථ වාහන වැරදි කිරීමේ නිදහස බව තම විශ්වාසය බවත් එම සංගමය පවසයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment