පාපැදියක් රැගෙන දෙන ලෙස මවුපියන්ගෙන් කළ ඉල්ලීම මවුපියන් විසින් ඉටුකර නොදීම හේතුවෙන් උරණවී රුපියල් පන්දහසක්ද රැගෙන නිවසින්
පැනගිය සිසුවෙකු ගැන හාලිඇළ ප්‍රෙද්ශයෙන් වාර්තාවේ.
මෙසේ පැනගිය සිසුවා 14 වියේ පසුවන්නෙකි. ඔහු පෙරේදා (11) මධ්‍යම රාත්‍රියේ කුඹල්වෙල මංසන්ධියේ රැදී සිටියදී සැකසහිත ආකාරයට හැසිරම නිසා පොලිස් ප්‍රශ්න කිරීමට ලක්වූ අතර පොලිසිය අත්අඩංගුවට ගෙන සිසුවා මවුපියන්ට භාරදුන් බව ඇල්ල පොලිසිය පවසයි. මෙසේ පොලිස් භාරයට ගෙන මවුපියන්ට භාරදී ඇත්තේ හාලිඇළ අඹවක ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.
සිද්ධිය වූ දින රාත්‍රි කාලයේ ජංගම පොලිස් මුර සංචාරයේ යෙදුණු ඇල්ල පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් කුඹල්වෙල මංසන්ධියේ තනිව රැඳී සිටි සිසුවකු පිළිබඳ සැක සිතී ප්‍රශ්න කිරීමෙන් සිද්ධිය අනාවරණය වී ඇත. අනතුරුව ඇල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අලගියවන්න මහතාගේ උපදෙස් මත එම දරුවා පොලිසියට රැගෙන ගොස් සිසුවාගෙන් නිවෙසේ දුරකතන අංකය ලබාගෙන එමඟින් මවුපියන් පොලිසියට කැඳවා සිසුවා ඔවුන් වෙත භාරදීමට පොලිසිය පියවර ගෙන තිබේ.
-රත්න වීරසිංහ-
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment