වැලිපැන්න නිවසක ගව හා එළු ඝාතකාගාරයක්

කුලී පදනම මත ලබා ගත් සුපිරි මෝටර් රථවලින් ගොස් ගවයන් හා එළුවන් සොරාගෙන වැලිපැන්න නිවෙසක කාලයක් තිස්සේ ඝාතකාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර දිසා අපරාධ ඒකකය කියයි.  එම සැකකරුවන් සමඟ මරා දමන ලද එළුවන් හත් දෙනකුගේ මස්
තොගයක, මැරීම සඳහා රඳවා සිටි එළුවන් 18 දෙනකු, මැරීමට උපයෝගී කරගත් පිහි කිහිපයක්, සොරා ගැනීමෙන් අනතුරුව මරා දමන ලද එළුවන් හා ගවයන් බැඳ සිටි කඹ 100කට ආසන්න ප්‍රමාණයක්, එම සතුන්ගේ කර වටා බැඳ තිබූ ගෙජ්පී හා එම සතුන් ප්‍රවාහනයට යොදා ගත් සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිසිය භාරයට ගෙන ඇත. මරා දමන එළුවන් හත් දෙනා අතර  ගැබ්බර එළුවන් තිදෙනකු සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වැලිපැන්න පල්ලිය පාරේ නිවෙසක එළු හා ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යන බවට කළුතර දිසා අපරාධ ඒකකයේ

පොලිස් පරීක්ෂක ධම්මික ද සිල්වා මහතාට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ ඒ මහතා අතුළු නිලධාරීන් එම නිවෙස වටලා කළ පරික්ෂාවේදී නාන කාමරය තුළ එළුවන් මුර කරමින් සිටි පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියක් පැවසීය. පොලිස් නිලධාරින් එම නිවස වටලන අවස්ථාවේදී නිවෙස් හිමිකරු පලාගිය බව එම නිලධාරියා කීය. අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මතුගම, බුලත්සිංහල, කළුතර හා අලුත්ගම ප්‍රදේශවලින් - සොරාගෙන තිබූ එළුවන් 18 දෙනකු එම නිවසේ පිටුපස කුඩුවක රඳවා සිටියදී සොයා ගැනීමට හැකි වී යැයි පොලිසිය කියයි.

මීට දින දෙක තුනකට ඉහතදී බුලත්සිංහල ප්‍රදේශයේ එළුවන් තිදෙනකු සොර ගැනීම සඳහා යොදාගත් කළු පාටට හුරු සුඛෝපභෝගී මෝටර් රථයද නිවෙස පිටුපස ගාල් කර තිබියදී සොයාගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා දහවල් කාලයේදී යතුරුපැදිවලින් විවිධ ප්‍රදේශවල සැරිසරමින් ඔත්තු බලා රාත්‍රි කාලයේදී මෝටර් රථවලින් ගොස් එළුවන් හා ගවයන් සොරා ගැනීම කාලයක් කරගෙන ගොස් ඇති බව නිවෙස පිටුපස ගොඩගසා තිබූ එළුවන් හා ගවයන් බැඳ දැමීමට යොදා ගත් කඹවලින් පැහැදිලි වන බව පොලිස නිලධාරීයෙක් පැවැසීය. එළුවන් හා ගවයන් නැති වූ අය වෙතොත් කළුතර දිසා අපරාධ ඒකකය වෙත පැමිණ සිය සත්වයන් බැඳ තිබූ කඹයන් හඳුනා ගත හැකි නම් පැමිණ හඳුනා ගන්නා ලෙස කළුතර දිසා අපරාධ ඒකකය ඔවුන්ගෙන් ඉල්ලා සිටි. අත්අඩංගුවට ගත් පුද්ගලයන් තිදෙනා මතුගම අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment