මෙවර උසස් පෙළ විභාග අපේක්ෂකයින් අවේලාවෙත් විභාග මධ්‍යස්ථානවලට එනවලු


ඇතැම් විභාග අපේක්ෂකයන්  තමන් පෙනී සිටින විෂය පැවැත්වෙන කාලවේලාව නිවැරදිව අවබෝධ කර නොගෙන උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත
මහතා සඳහන් කළේය.  මේ හේතුවෙන් විභාග ප්‍රවේශ පත්‍රයේ සඳහන් විභාග කාලසටහන හොඳින් කියවා බලා තමන් පෙනී සිටින
විෂය පැවැත්වෙන දිනය හා වේලාව නිවැරදිව අවබෝධ කර ගන්නා ලෙස සියලු විභාග අපේක්‍ෂකයන් ඉල්ලා සිටින බවද හෙතෙම පවසා සිටියේය.


විභාග අපේක්‍ෂකයන්ගේ දෙමවුපියන්ද මේ පිළිබඳ සැලකිල්ලක් දැක්විය යුතු බවත්, අදාළ වේලාව පසු වී විභාග මධ්‍යස්ථානවලට  පැමිණියහොත් එමගින් අපේක්‍ෂකයන් අපහසුතාවට පත්වන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන්  කළේය.

ප්‍රවේශ පත්‍රවල කාලසටහන්වල ගැටලුවක් ඇත්නම්, 1911 හෝ 0112784208 හෝ 011-2784537 හෝ. O11-3188350 යන දුරකථන අංකවලින් විමසීම් කළ හැකි බවද ඔහු පවසා  සිටියේය.
 උසස් පෙළ විභාගය මේ මස 06 වැනිදා සිට සැප්තැම්බර් පළමු වැනිදා දක්වා පැවැත්වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment