ටෙලි නිළි රොෂානාගෙන් සල්ලිගත් අධ්‍යක්ෂ අතුල අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයක් ආනයන කරදෙන බව පවසා රංගන ශිල්පිනී රොෂානා ඔන්ඩච්චිගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචා කළ බව කියන චිත්‍රපට අධ්‍යක්ෂ අතුල ඉද්දමල්ගොඩ ඊයේ (13)  කොහුවල ප්‍රදේශයේ පිහිටි ඔහුට අයත් කාර් සේල් එකකදී පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙම අධ්‍යක්ෂවරයා ඩීවීඩී තැටි මගින් පමණක් බෙදාහරින චිත්‍රපට
නිර්මාණය කිරීම සිදු කරන්නෙකි. ඔහු සුපිරි ටාසන් නමින් චිත්‍රපටයක් රූගත කිරීම නිසා රොෂානාට හමුවී තිබෙන අතර ඒ කාලයේ ඇතිවූ මිතුරු සබඳතා මත ඔහුගෙන් වාහනයක් ලබාගැනීමට උනන්දුවී ඇත. ඒ අනුව මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි අතුල වාහනයක් ගෙන්වාදෙන බව පොරොන්දුවී ඇගෙන් රුපියල් ලක්ෂ 10 ක්

ලබාගෙන තිබේ. වාහනය දිගටම ලැබීම පමාවී තිබෙන අතර පසුව එය ලැබෙනතුරු පාවිච්චියට කියා රෙන්ට්
අ කාර් ආයතනයකින් කුලියට ලබාගත් වාහනයක් ඇයට ලබාදී ඇති අතර එයද පසුව නවතා දමා තිබේ.
ඇයට රෙන්ට් අ කාර් වාහනය සපයා තිබුනේ මීට ටික දිනකට පෙර ඕරා වාදක ගිහාන්ගේ හදිසි මරණය සමග කතාබහට ලක්වූ ගම්පහ ඉමාෂි කැබ් ආයතනයේ කළමනාකරු බුද්ධික ලක්ෂාන්ය.

කෙසේ වෙතත් මෙම අවනඩුව ගැන පසුගිය වසරේ ඔක්තෝබර් 28 වැනිදා මිරිහාන පොලිසියේ SCIB 388/252 අංකයෙන් ටෙලි නිළි රොෂානා විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් කළත් කිසිවක් සිදු නොවූ බැවින් නැවත  බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර තිබූ අතර නියෝජ්‍ය පොලිස්පතිගේ නියෝගයක් අනුව ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.
මාස තුනක් පමණ ගතවෙද්දී ආනයන කර ලබාදෙන බව කී

මෝටර් රථය ලබානොදී තමාගේ පරිහරණය සඳහා මෝටර් රථයක් දුන් නමුත් එයද බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සාහ කළ බව ද පෙබරවාරි 17 වැනිදා සැකකාර චිත්‍රපට අධ්‍යක්ෂකගේ හිතවතකු පැමිණ එම මෝටර් රථය තමාගේ බාරයෙන් රැගෙන ගිය බව ද රංගන ශිල්පිනිය සඳහන් කර තිබිණි. 

තමාගෙන් ලබාගත් රුපියල් ලක්ෂෂ දහය වෙනුවට සැකකරු 2017 ජුනි 22 වැනිදා බොරැල්ලේ රාජ්‍ය බැංකුවක ගිණුමක අදාළ චෙත්පතක් ලබාදුන් බවත් එය අගරු චෙක්පතක් බව ගිණුම්ගත කිරීමේදී අනාවරණය වූ බචත් ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
අත්අඩංගුවට පත් අතුල ඉද්දමල්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය පිළිබඳව වැඩිදචුර පරීක්ෂණ සිදුවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment