ලංගම නව බස් නඩත්තුව හංගේරියානු සමාගමකට : පෞද්ගලික බස් කර්මාන්තයට හානියක් නැහැ.


ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් හංගේරියාවෙන් ගෙන්වීමට යන වායු සමනය කරන ලද බස්රථ 1000 ලංකා ගමනා ගමන මණ්ඩලය සහ ඒවා සපයන හංගේරියානු සමාගම එක්ව පිහිටුවනු ලබන හවුල්කාර සමාගමක් මඟින් මඟී ප්‍රවාහනය සඳහා යොදා වනු ඇත.

විදුලියෙන් ධාවනය කෙරෙන බස්රථ 250ක් සහ හයිබ්‍රිඩ් බස්රථ 750 ක් මෙම බස්රථ 1000ට අයත් වේ. මෙයින් විදුලි බස්රථ 250 කොළඔ හා නගරාශ්‍රිත ප්‍රදේශවලත් අනෙක් බස්රථ කොළඔ සහ පිටපළාත් අතර ධාවනයෙහි යෙදවිමට බලාපොරොත්තු වන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසූ බව රජයේ නිල පුවත් අඩවිය වාර්තා කරයි.

අලුතින් ගෙන්වු ලබන මෙම බස්රථවල නඩත්තු කටයුතු හංගේරියානු සමාගම විසින් සිදුකෙරෙන අතර මෙම බස් සේවාවන් ලැබෙන ලාභයෙන් කොටසක් ලංගමයට ලැබෙන පරිදි ගිවිසුම් අත්සන් කිරිමට යන බවද සභාපතිවරයා එහිදී පවසා ඇත.

දැනට ලංගමය සතුව බස්රථ 6000ක් ඇණියක් තිබේ. වසර 3කින් ලංගමයට අලුතින් බස්රථ මිලයට ගෙන නොමැත. එසේම හදිසි අනතුරුවලට භාජනය විම, බසයේ ආයු කාලය අවසන් වීම ආදී හේතූන් මත වසරකට බස්රථ 500ක් පමණ ධාවනයෙන් ඉවත් කෙරේ. මේ තත්ත්වය යටතේ ලංගමයට බස්රථ 1500ක පමණ හිඟයක් පවතී. මේ නිසා අලුත් බස්රථ 1000 ගෙන්විම මඟින් පෞද්ගලික බස් කර්මාන්තයට බලපෑමක් සිදු නොවනු ඇතැයි ද රමාල් සිරිවර්ධන මහතා තහවුරු කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment