ෆෝන් කනේ ගහගෙන විභාගෙ කළ ගම්පහ බණ්ඩාරනායක සිසුවා මාට්ටු


 ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේ අපේක්‍ෂකයෙකු විභාගය අතරතුර ජංගම දුරකථනයක් භාවිත කිරීම්දී සොයා ගත් බව
විභාග දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත  මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසුවේ.

එවැනි පැමිණිල්ලක් ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පරික්‍ෂණයක් සිදු කරන බවත්ය.


ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදී අපේක්‍ෂකයකු විභාගය අතරතුර ජංගම දුරකථනයක් භාවිත කරන බව සෙසු අපේක්‍ෂකයන් විභාග ශාලාධිපතිවරයාට පැමිණිලි කර ඇති අතර, පසු එම සිසුවාගේ දුරකථනය විභාග ශාලාධිපති  භාරයට ගෙන තිබේ.
 මෙම සිද්ධිය යටපත් කිරීමට. විවිධ බලපෑම් පැමිණෙන බවත්, විභාග ශාලාධිපතිවරයා එය ඉහළට  වාර්තා කර ඇති ප්‍රමාද වී බවත්,ඒ පිළිබඳ විමර්ශනයක් කළ යුතු බවත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පැවසීය.

විභාග වංචා සිදු වීමට කිසිදු උත්තේජනයක් ලබා නොදිය යුතු බවත්, විභාග සම්බන්ධ නිලධාරීන් විභාග වංචා සම්බන්ධයෙන් දැඩිව පියවර ගත යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment