16 කල්ලියේ 8ක්ගේ සංවිධායකධුර ගලවලයි.


ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායමේ 8 දෙනෙකු සංවිධායක  ධුර වලින් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ (21දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.  

සුසිල් ප්‍රේම්ජයන්ත - කඩුවෙල ආසන සංවිධායක
ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න - රත්නපුර සංවිධායක 
අනුර ප්‍රියදර්ශන යාපා - කටුගම්පොල ආසන සංවිධායක
ලක්ෂ්මන් යාපා අබේවර්ධන -හක්මන සංවිධායක
චන්දිම වීරක්කොඩි - හබරාදූව ආසන සංවිධායක

මෙසේ සංවිධායකධුර අහිමි වූ අය අතර වෙති. මෙම මන්ත්‍රීවරුන් තමන්ගේ ආසන තුළ බල මණ්ඩල පිහිටුවා නොමැති හෙයින් ආසන සංවිධායකධුරවලින් ඉවත් කර තිබේ. ඒ වෙනුවෙන් අද (21දා) නව ආසන සංවිධායකවරුන් පත්කිරීමට නියමිතය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment