ගෑස් රු 195 කින් සිනී 20කින් ඉහළට - පාන් පිටි 5කින් පහළට


ගෑස් මිල රුපියල් 195කින් වැඩි කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබි ඇත. මෙ අනුව කිලෝ 12.5ක
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක

කොළඹ නව මිල රු. 1733ක් වනු ඇත. ගෑස් මිල වැඩි කරන ලෙස ජීවන වියදම් කමිටුව ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
ආනයනික සීනි කිලෝ එකක බද්ද රුපියල් 11කින් වැඩි කිරීමටද මුදල් අමාත්‍යාංශය තීරණය කොට ඇත. මුදල් අමාත්‍යාංශයේ එම තීරණයට ප්‍රතිචාර දක්වමින් සීනි ආනයනකරුවන් සඳහන් කරන්නේ මේ නිසා සීනි කිලෝවක මිල රුපියල් 20කින් වැඩි කිරීමට සිදුවන බවයි.

පාන් පිටි කිලෝ  1ක මිල රුපියල් 5කින් අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම  යෝජනාව කර ඇත්තේ මින් ඉහත මිල වැඩිකිරීමට පාරීභෝගික අධිකාරියේ අවසරය ලබාගෙන නොමැති බවට ලැබුණ පැමිණිල්ල අනුවය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment