පිළියන්දල සිට යාපනයට ගිහින් අතරමං වූ කාන්තාව

කොළඹ - පිළියන්දල සිට යාපනයට පැමිණ යාපනයේ අතරමංවී සිටි කාන්තාවක් කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිරිසක් විසින් දැක 15දා රාත්‍රි චුන්නාකම් පොලිසිය වෙත භාරදී තිබේ. මේ කාත්තාව තවත් පිරිසක් සමඟ
යාපනයට පැමිණ සතියකට වඩා

වැඩි කාලයක් ගතවී ඇති අතර දෙමළ භාෂාව නොදන්නා ඇය යාපනයේ එහා මෙහා ඇවිදිමින් තමන්ගේ නඩය සොයමින් සිට ඇත. ඇය සමඟ යාපනයට පැමිණි පිරිස කිසියම් හේතුවක් මත ඇයව දමා ආපසු ගොස් තිබේ.

චුන්නාකම් පළාතේ තරුණයන් පිරිසක් කාන්තාවක් රාත්‍රි කාලයේ එහා මෙහා යන එන අයුරු දැක ඇයගෙන් ප්‍රශ්න කිරීමේදී ඇය සිංහල කාන්තාවක් බව දැනගෙන සිංහල භාෂාව දන්නා සමාජ සේවකයකු එතැනට කැඳවා ඇගෙන් විස්තර දැනගෙන තිබේ. පසුව මේ පිළිබඳව චුන්නාකම් පොලිසියට තොරතුරු දන්වා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුට අතරමං වූ කාන්තාව භාර දී තිබේ. චුන්නාකම් පොලිසිය එම කාන්තාව ආපසු ඇගේ ගම් ප්‍රදේශයට  යැවීමට පියවර ගෙන ඇත.


-රසාදි චතුරංගී ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment