නුවරඑළියේ රෝහලේ අක්ෂි එන්නතක් විෂවී 23 ක් අන්ධ වෙති

නුවරඑළිය මහ රෝහලේ අක්ෂි සායනයෙන් ප‍්‍රතිකාර ලබාගත් රෝගීන් විශාල පිරිසක් එන්නතක් විසවී විවිධ
සංකූලතා ඇතිකරගෙන තිබෙන අතර මේ වනවිට අන්ධවූ ගණන 23 ක් බව වාර්තා වෙයි.

සුුමැබ් නමැති මෙම එන්නත තාවකාලිකව භාවිතයෙන් ඉවත් කිරීමට  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ

ජයසේකර මහතාට දැනුම් දී ඇත.
ඇස් අන්ධ වූ රෝගීන් 23 දෙනා අතර කාන්තාවන් සිවු දෙනෙක්‌ ද වෙති.
ඉකුත් 17 වැනිදා පැවැති අක්‌ෂි සායනයට සහභාගී වූ රෝගීන් 55 දෙනකුට මෙම එන්නත ලබා දී තිබු අතර තමන් වෙත ලබා දුන් එම එන්නත හේතුවෙන් ඇස්‌ ඉදිමීම, ඇස්‌වල දැවිල්ල, කඳුළු ගැලීම, ඔළුවේ කැක්‌කුම හා හිස ඔසවා සිටීමට නොහැකි කම, වමනය, සෙම් සොටු ගැලීම, ආලෝකයට මුහුණ දීමට නොහැකිකම යනාදී රෝගී තත්ත්වයන් ඇති වූ බව රෝගීන් ප්‍රකාශ කර තිබේ.
මේ වනවිට ඇස්‌වල පෙනීම සම්පූර්ණයෙන් දුර්වල වී ඇති බව ද ඔවුන් පවසා ඇත.
උද්ගත වී ඇති මෙම තත්ත්වය වසන් කිරීම සඳහා රෝහල් බලධාරීන් විසින් රෝගීන් කිහිප දෙනකු නිවෙස්‌ කරා යැවීමේ සූදානමක්‌ පිළිබඳව දැන ගැනීමට ලැබී ඇතැයි ද මෙම රෝගීන්ගේ ඥතීන් මාධ්‍ය වෙත ආනාවරණය කර තිබුණි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ නුවරඑළිය මහ රෝහලේ අක්ෂි රෝග සායනයෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් විවිධ සංකූලතාවලට ලක්වූ බවට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසට විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා දන්වා ඇති බවයි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment