පිදුරංගල පූජා භූමියේ අඩ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහැරීම ගැන පරීක්ෂණ

https://www.gossiplankanews.com/2018/09/pidurangala-fb-photos.html#more

තිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථ පිදුරංගල ගල මත සිට අඩ නිරුවත්ව තරුණයන් සහ තරුණියන් පිරිසක් ඡායාරූප ගෙන සමාජ ජාල මාධ්‍ය හරහා ඒවා මුදාහැර තිබීම සම්බන්ධයෙන්
පරීක්ෂණයක් ඉල්ලා විහාරාධිපති හිමියන් ඉල්ලීම් කර තිබේ.


දේශීය තරුණ තරුණියන් පිරිසක් මේ ආකාරයෙන් ඉතාමත් අශෝභන ලෙස ඓතිහාසික පිදුරංගල ගලට නැග සීගිරි පව්ව පෙනෙන ආකාරයෙන් ඡායාරූප ගෙන සීගිරියට මෙන්ම පිදුරංගල රජමහා විහාරයටද අපහාස වන ආකාරයෙන් මෙම ඡායාරූප ලබාගැනීම සිදුකර ඇතැයි වාර්තා විය.
මෙය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කොට මෙම පිරිස නීතියේ රැහැනට හසු කරගත යුතු බව පිදුරංගල රජමහා විහාරාධිපති ආචාර්ය දානියගම ආනන්ද නාහිමියෝ සඳහන් කර තිබූ අතර මේ වනවිට ඒ ගැන බලධාරීන්ගේ අවධානය යොමුව තිබේ.

සීගිරි පව්ව සහ පිදුරංගල කිලෝමිටර කිහිපයකින් ඈත්ව පවතින ස්ථාන දෙකකි. සීගිරිය එකල මහ රහතුන් වහන්සේලා වැඩ සිට, සීගිරිය බළකොටුවක් වන කාල සමයේ එහි වැඩ සිටි රහතුන් වහන්සේලාට පිදුරංගල නමින් රහතුන් වහන්සේලාට වැඩ සිටීමට ආරාම සකසා පූජා කළ ඓතිහාසික ස්ථානයක් බව පුරාවිද්‍යා ඉතිහාසඥයෝ පවසති.

සීගිරිය පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මේ පිළිබඳ විමසීමට උත්සාහ කළද පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේ මෙම ස්ථානයේ පුරාවිද්‍යා නිලධාරියෙකු සේවයේ නොමැති වීම නිසා ඔවුන් මේ ආකාරයෙන් හැසිරෙන්නට ඇති බවයි. කෙසේ වෙතත් මේ පිළිබඳ සොයා බලා ඉහළ නිලධාරීන්ට දැනුම්දීමට අවශ්‍ය පියවර ගන්නා බව එහි සිටි නිලධාරියෙක් සඳහන් කළේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment