අගවිනිසුරු ජයන්ත : නීතිපති දප්පුල?



ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩලයට සහභාගිවීමට පෙර වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස නිර්දේශ කර ගොස් ඇතැයි වාර්තා වේ.

වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා ලබන ඔක්තෝබර් මාසයේදී විශ්‍රාමයාමට නියමිතය.

කෙසේවුවද, ඩෙප් මහතා පසුගිය කාලයේ විදේශගතවූ හැම අවස්ථාවකදීම අගවිනිසුරු ලෙස රාජකාරි පවරා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මීළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරිය වන ඊවා වනසුන්දර මහත්මියටය.

කෙසේවුවද,ජ්‍යෙෂ්ඨ නීතිඥයකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා මිළඟ අඟවිනිසුරුවරයා වන්නේ ජයන්ත ජයසූරිය මහතා බව අනාවැකි පලකර තිබිණි.

ඊවා මහත්මියට පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් වන්නේ බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන හා සිසිරද ආබෲ යව විනිසුරුවන් වෙති.

දප්පුල නීතිපති

මේ අතර, ජයන්ත මහතා අගවිනිසුරුවීමෙන් පසුව හිස්වන නීතිපති ධූරය සඳහා දප්පුල ද ලිවේරා මහතා පත් කිරීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

දප්පුල ද ලිවේරා මහතා දැනට නීතිපති දෙපාර්තමේන්තුවෙ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයකු ලෙස කටයුතු කරනු ලබයි.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පරීක්ෂණ කොමිසමටද ලිවේරා මහතා සහය විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment