වැලිකඩ සිද්ධියට සිරගතවූ රංගජීව මාස 6 කට පසු ඇප මත නිදහස්

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්  27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේ සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස්  පරීක්ෂක නියෝමාල්  රංගජීව

මාස 6 කට පසු අද දින ඇප මත මුදාහැරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
පසුගිය මාර්තු මාසයේ මෙම කාරනාව සම්බන්දයෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඒ අනුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප බැගින් මුදාහැරීමට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන අද

නියෝග කළා . සැකකරුගේ විදේශ ගමන් තහනම් කෙරුණා.
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ සැකකරු ඇප ඉල්ලා ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමේන් අනතුරුවයි.
සැකකරු සම්බන්ධයෙන් ඇප ඉල්ලා  ගොනු කළ ප්‍රතිශෝධන  පෙත්සම් සියල්ල කොළඹ මහාධිකරණය මීට පෙර ප්‍රතික්ෂේප කර තිබු අතර රංගජීව උසාවියෙන් පිටතට එද්දී තමා මෙම වරදට හසුකරන්න හදන්නේ වැලිකඩ කුඩු කාරයින් බවට කෑගසමින් කියා තිබුණි.
කෙසේවෙතත් නඩුවේ දෙවන සැකකරු හිටපු  බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ලමාහේවාට අද ඇප ලැබී නැති අතර ඔහු  තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටියි.
නියෝමාල්  රංගජීව මත්කුඩු ජාවාරම් කරුවන් වැටළීමේ ප්‍රධාන මෙහෙයුම් භාරව සිටි නිලධාරියෙකු වන අතර පිළියන්දලදී පාතාල නායක මධුෂ් මෙහෙයවූ ඝාතන තැතක්  මින් කලකට පෙර ජීවිතය බේරාගත්තේ අනූනමයෙනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment