බංගලිදේශය හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

සියානු කුසලාන එක්දින ක්‍රිකට් ශූරතා තරගාවලිය ආරම්භ කරමින් අද15 ඩුබායිහිදී ශ්‍රී ලංකාව හා බංගලිදේශය අතර පැවති තරගයෙන් දරුණු පරාජයක් අත්කරගන්නට ශ්‍රී ලංකාවට සිදු විය.
කාසියේ වාසිය ලබාගත් බංගලිදේශය
මුලින් පන්දුවට පහරදී ලබාගත් ලකුණු 261 ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලබාගත්තේ ලකුණු 124 පමණි.
මෙම තරගයේ ශ්‍රී ලංකාව වෙනුවෙන්

සාර්ථක ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළේ වසරකට පසු කණ්ඩයමට එකතුවූ ලසිත් මාලිංග පමණී. ඔහුගේ පන්දු යැවීම හමුවේ බංගලිදේශය මුල් ඕවරයේ සිට අසරණවූ නමුත් උඩපන්දු අතහැරීම දුර්වල පන්දු රැකීම හා අනවශ්‍ය පරිදි පිතිකරුවන්ට ඉනිම ගොඩනගන්නට සැලසීම මත බාධාවකින් තොරව ලකුණු 261 ක් දක්වා ගමන් කිරීමට බංගලිදේශ ක්‍රීඩකයින්ට හැකි විය. මුෂ්ෆිකර් රහීම් ලකුණු 144 ක් ලබාගැනීම මෙම ඉනිමේදී කැපී පෙනිණි.

වේග පන්දු යැවූ ලසිත් මාලිංග ලකුණු 23 ට කඩුළු 4 ක් ලබා විශිෂ්ට පන්දු යැවීමක් අද පෙන්වූයේ ඔහු නැතිව ශ්‍රීලංකාවට ගමනක් නැති බව සනාථ කරමිනි.
කෙසේ වෙතත් දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව තොරතෝංචියක් නැතිව කඩුළු වැටීමෙන් අසරණ වූ අතර කිසිදු පිතිකරුවෙකු ලකුනු 30 ක් හෝ ඊට වඩා ගන්නට සාර්ථක වූයේ නැත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment