බස් ගාස්තු වැඩි කරන්න විතරක් ආයතනයක් මොකටද?



හෙට (20දා) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තුව 4%කින් පමණක් ඉහළ දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පල කරන බවත් බස් ගාස්තු වැඩි කිරීමට පමණක් ක්‍රියාත්මක වන ආයතන පද්ධතියක් අනවශ්‍ය බවත් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලය පවසයි.

එම සංගම් මෙම අදහස් පලකළේ අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු විමුක්ති දුෂාන්ත, එම සංගමයේ ලේකම් ගැමුණු පරණවිතාන සහ ශ‍්‍රී ලංකා පාරිභෝගික ජාලයේ කැඳවුම්කරු අසංක ධර්ම ශ‍්‍රී යන මහත්වරු සහභාගී වුහ.

මේ අතර සාමාන්‍ය බස් රථ ගාස්තුවල නව සංශෝධනයන් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ඒ අනුව රුපියල් 12 අවම ගාස්තුවේ වෙනසක් සිදු නොවන අතර, රුපියල් 15 ගාස්තුවේද වෙනසක් සිදු නොවන බවයි ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කළේ. 

රුපියල් 19 ක්ව පැවති ගාස්තුව රුපියලකින් ඉහළ ගොස් තිබෙනවා. 

සියයට 4 කින් බස් ගාස්තු ඉහළ දැමුවද අධිවේගී මාර්ගවල සහ අර්ධ සුඛෝපභෝගී බස් සේවාවන්වල ගාස්තුවල වෙනසක් සිදු නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment