බිරියට කෙන්ති ගිහින් සැමියාගේ කලව කපලා දාලා

බහින්බස් වීමක් දුරදිග ගොස් තම කලවා ප්‍රදේශය පිහියකින් කැපුවේ යැයි පවසමින් පුද්ගලයකු මාතර මහ
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

මාතර අපරාධ විමර්ශන ඒකකය මඟින් පැමිණිල්ල වෙනුවෙන් කළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ස්වාමිපුරුෂයා සමඟ කතාබස් කරමින් සිටියදී ඔහුගේ මුවෙන් පිට වූ වචනයකට කෝප වූ කාන්තාව පිහියකින් ඇන, කලවා ප්‍රදේශය කපා ඇති බවයි.

ඔවුන් දෙවිනුවර ප්‍රදේශයේ කෙසෙල් ගෙඩි අලෙවි කිරීම සිදුකරන අතර එම කෙසෙල් කපන පිහියෙන් මෙසේ කපා ඇත. පසුව ස්වමිපුරුෂයා ඇය සමඟ පොර බැදීමේදී ඔහුගේ අතේ ඇගිලි කිහිපයක්ද කැපී ඇතැයි  රෝහල් ආරංචි මාර්ග පවසයි. මාතර පොලිසිය සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ සිදුකරයි.



-උදය කුමාර රණවීර-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment