ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි දිවයින පුරා ක්‍රියාවට නංවයි.



දේපළ ලියාපදිංචි කිරීමේදී ඉඩම් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම මඟින් ආයෝජකයින්ට ව්‍යාපාර පහසුකරණය පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ තත්ත්වය ඉහළ නංවාගැනීමේ අරමුණින් ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබ ඇත.

දේපළ ලියාපදිංචිය සඳහා පවතින ක්‍රමවේදය අනුව දින 51ක් ගතවන අතර, ඒ සඳහා පියවර 09ක් අනුගමනය කළ යුතුය.

ඉ-ලෑන්ඩ් රෙජිස්ට්‍රි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් එම කාලසීමාව දින 05ක් දක්වා සහ පියවර 02ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

2018 වර්ෂය තුළ මෙම වැඩසටහන බස්නාහිර සහ දකුණු පළාත් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව ඉදිරි කාලය තුළ මෙම ව්‍යාපෘතිය දිවයින පුරා ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය වන ප්‍රතිපාදන වෙන් කරගැනීම පිණිස ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment