කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසලින් ඊ සිගරට් තොගයක් අත්අඩංගුවට


කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල පවත්වාගෙන ගිය අලෙවි සැලක තිබී රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුතු නවීන වර්ගයේ දුම්වැටි තොගයක් සමග තරුණයන් දෙදෙනෙකු පෙරේදා (12දා) අත්අඩංගුවට ගත් බව කොළඹ ප්‍රධාන කාර්යාලයීය විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.



'ඊ සිගරට්' නමැති මෙම දුම්වැටි මේ වන විට තරුණ සමාජය තුළ ශීඝ්‍රයෙන් වස්ත වෙමින් මොවුන් ගොදුරු කර ගන්නා දැඩි ව්‍යසනයක් බවට පත්ව තිබේ.

එහිදී ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුත් විදේශවලින් ආනයනය කරන ලද දුමාරය නිකුත් කිරීමේ විද්‍යුත් උපකරණ සහ එහි භාවිතයට ගනු ලබන ධාවන වර්ගයන් 1,000ට අධික ප්‍රමාණයක් මෙහිදී විශේෂ මෙහයුම් ඒකකය භාරයට පත් විය.


මොවුන් මෙම වෙළඳාම් අන්තර්ජාලය හරහා සහ ෆේස් බුක් වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා දැන්වීම් පල කරමින් ගනුදෙනුකරුවන් ඒකරාශී කරගෙන ඇති බවත්, ප්‍රභූ පන්තියේ පුද්ගලයන්, තරුණියන් සහ විදේශිකයන් මෙම දුමාරය භාවිතය සඳහා ඇබිබැහි වී මොවුන්ගේ ගනුදෙනුකරුවන් බවට පත්ව ඇති බවත් වැටලීම් භාර නිලධාරීවරයෙක් පැවසීය.

අදාළ වෙළඳ සැලේ කොළඹ පිහිටි ප්‍රධාන පාසලක් අසල වූ සුවිසල් නිවසක් ආසන්නයේ ප්‍රධාන මාර්ගයට නොපෙනෙන ලෙස කුඩා කාමරයක පවත්වා ගෙන ගොස් ඇති අතර මෙම ව්‍යාපාරය සඳහා රු. 60,000ක කුලී පදනම සදහා මුදල් ගෙවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති අතර, මෙහිදී පාසල් ළමයින්ද
මොවුන්ගේ ග්‍රහණයට ලක්වී ඇති ද යන්න විමර්ශන සිදු කරන බව එම ඒකකය පැවසීය.

සැකකරුවන් දුමාරය නිකුත් කිරීමේ විද්‍යුත් උපකරණ රු. 10,000 සිට 40,000 දක්වා මුදලට අලෙවි කර ඇති අතර, ඒ සඳහා භාවිත කරන අඩංගු එක් බෝතලයක් රු. 3,OOO සිට 8,000 මුදලට අලෙවි කර ඇතැයි පරික්ෂණවලදී හෙළිව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන කාර්යාලයීය විශේෂ මෙහෙයුම් ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment