සරසවි කථීකාචාර්යවරියකගේ මළ සිරුරක් ත්‍රිකුණාමල වෙරලේ

නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ සේවය කරන කථිකාචාර්යවරියකගේ මළ සිරුරක්  ඊයේ (21)  ත්‍රිකුණාමලය කොටුව වෙරලේ තිබී සොයා ගත්බව නිලාවේලි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ වව්නියාව ආසිකුලම්  කට්කුලම්  1 පදිංචි  නඩරාසා පොතනායගි (29) නැමැති නැගෙනහිර විශ්ව විද්‍යාලයේ  ව්‍යාපාර අධ්‍යනය හා ජනසන්නිවේදන පීඨයේ  කථිකාචාර්යවරියයි.

මෙම කථිකාචාර්යවරියගේ අත්බෑගය

හා පාවහන් යුගළ ත්‍රිකුණාමලය වෙරලේ තිබි  ඊයේ  (21) උදෑසන පුද්ගලයකුට හමුවි ඇති අතර  ඊට නුදුරින් රාජකාරි කළ  පොලිස් ජිවිතාරක්ෂක ඒකකයට භාර දි තිබේ.

එහි තිබු හැදුනුම්පත් වලින් ඇය කථිකාචාර්යවරියක් බව හදුනාගත් ත්‍රිකුණාමලය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ.එස්.ලලිත් කුමාර මහතා ඒ බව විශ්ව විද්‍යාලයට දැනුම් දිමෙන් පසුව ඇය අතුරුදන් වි ඇති බවට නිලාවේලි පොලිසියට පැමිණිලි කර ඇත.

අතුරුදන් වු බවට පැමිණිලි කර පැය කිහිපයට පසුව සිරුර කොටුව වෙරලේ පාවෙමින් තිබිදි සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් නිලාවේලි පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක  අනිල් ප්‍රසන්න ජයසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

(අමදෝරු අමරජීව)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment