අවුරුදු 12 ක දැරියව ලැඟුම්හලකට ගෙන ගොස් අතවර කරන්න සුදානම් වෙද්දීම මාට්ටු

ලෝක ළමා දිනය යෙදුණු O1දා අවුරුදු 12ක බාලවයස්කාර දැරියක් රවටා අකුරැස්ස ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන  ගොස් අතවර කිරීමට සූදානම් වූ පුද්ගලයකු සහ ඊට ආධාර අනුබල දුන් හෝටල් හිමිකරු සමඟ අත්අඩංගුවට ගත් බව
අකුරැස්ස පොලිසිය පවසයි. මීට දින කිහිපයකට පෙර ප්‍රදේශයේ  ව්‍යාපාරික ස්ථානයක සේවය කළ 22 හැවිරිදි  තරුණයකු සමඟ දැරිය ප්‍රේම සම්බන්ධයක්  අරඹා ඇත.  දින දෙකක් පුරා මවගේ දුරකථනයෙන් පෙම්වතා සමඟ සංවාදයේ යෙදී අති දැරියට මුණගැසීම සඳහා අකුරැස්ස

නගරයට පැමිණෙන ලෙස පෙම්වතා යෝජනා කර ඇත.

ඒ අනුව O1දා අකුරැස්ස බස්  නැවතුම්පළට පැමිණි දැරූ දුරකථන ඇමතුම් ලබාගන්නා ස්ථානයකින් පෙම්වතා අමතා ඇත. අනතුරුව ඔහු බංගම ප්‍රදේශයේ ලැගුම්හුහලක් වෙත දැරිය රැගෙන ගොස් ඇත.  අකුරැස්ස පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  නිශ්ශංක මහතාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ලැගුම්හල වටලා දැරිය, තරුණයා සහ ලැගුහලේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත. ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ  ලෝක ළමා දිනය වෙනුවෙන් පාසලට පැමිණීමේදී පාසල් නිල ඇඳුම අනවශ්‍ය බව විදුහල්පතිවරයා සඳහන් කිරීම හේතුවෙන් පාට ගවුමක් හැඳ පාසලට යනවා යැයි දැරිය මවට පවසා ඇත.

පෙම්වතා තමුන් සමඟ කතා කිරීම සඳහා බස් නැවතුම්පළ සුදුසු ස්ථානයක් නොවන බැවින් ඔහුගේ ඇවිටිල්ල හමුවේ ලැගුම්හල වෙත ගිය බව පැවැසී යැයි පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් තරුණයා සහ ලැගුම්හලේ කළමනාකරු අද දින මාතර මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ලැගුම්හල් හිමියාට අපරාධයකට අනුබල දීම  යන චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පැවැසීය.

-ප්‍රියංක ගමගේ-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment