දැන් පොලිස්පති ජෝකරයෙක් - ජනපති

රටේ නීතිය හා සාමය ආරක්ෂා කරමින් දැඩි වගකීමකින් යුතුව කටයුතු කළ යුතු තනතුරක් වත්මන්  පොලිස්පතිවරයා විසින් හෑල්ලුවට ලක්කර ඇති බවත් ඔහු ජෝකර්වරයකුගේ තත්ත්වයට වැටී ඇති බවත්
පවසමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (02දා) පැවැති කැබිනට් හමුවේදී පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපයට දැඩි ලෙස විරෝධය දක්වා තිබේ.

එම කටයුතු වහාම නතර කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් ඔහු ගැන දැඩි තීන්දුවක් ගත යුතු බවත් පවසමින් ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ

දැඩි අවධානය ඒ  කෙරෙහි යොමු කර ඇත. පොලිස්පතිවරයාගේ මෙම හැසිරීමෙන් රටක් ලෙස මෙන්ම රටේ නායකයන්ද හැල්ලුවට ලක් වී ඇති බවත් ජනාධිපතිවරයා පැවැසූ බව වාර්තා වේ. මෙම ක්‍රියාකලාපය නිසා තමන්ද දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති බවද හෙතෙම සඳහන් කර ඇත. පොලිස්පතිවරයාගේ මෙම ක්‍රියාකලාපය නතර කිරීම කටයුතු නොකරන්නේ නම් තමන් ඉදිරීයේදී ඒ ගැන දැඩි තීන්දුවක් ගන්නා බවද ජනාධිපතිවරයා පවසා ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අමාත්‍ය මණ්ඩලය හමුවූ පළමු අවස්ථාවේදීම මෙය සිදුවීමද මෙහි ඇති විශේෂත්වයකි. මේ අවස්ථාවේදී ඇමැති රාජිත් මද්දුමබණ්ඩාර පවසා ඇත්තේ පොලිස්පතිවරයාට එරෙහිව විධිමත් පරීක්ෂණයක් පවත්වමින් තිබෙන බවය. එම පරීක්ෂණ පැවැත්වූවද පොලිස්පතිවරයාගේ විශේෂ හැසිරීම් ඔහු නතර නොකරන බව මෙහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් කිහිප දෙනකුම පවසා ඇතැයි වාර්තා වේ. විශේෂත්වය වන්නේ මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් පොලිස්පතිට විරුද්ධව අදහස් නොදැක්වීමය.

-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment