පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා කැඳවීමට යයි?
බ්‍රස්පතින්දා දිනයේ පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කරන ලෙස අද (30) පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු පක්ෂ නායක හමුවේදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එජාපය තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුව වහාම කැඳවීමට කටයුතු කරන්නයි බහුතරයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය අත්සන් සහිතව මේවනවිට කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. එක්සත් ජාතික පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ හා දෙමල ජාතික සන්ධානය වෙන වෙනම එම ඉල්ලීම සිදුකර ඇත.
ඒ අනුව එම ඉල්ලීම වෙනුවෙන් අත්සන් කල මන්ත්‍රීන් සංඛ්‍යාව 128කි.
මේ අතර එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, කතානායකවරයාට පාර්ලිමේන්තුව කැදවීමේ බලය ඇති බවත් එය අද දිනයේ ඔහු විසින් තීරණය කරනු ඇති බවත්ය.
ඔහු මේ බව කියා සිටියේ අරලිගහ මන්දිරයේදී විදෙස් මාධ්‍ය අමතමිනි.
කරු මහනායක හිමිවරු හමුව
මේ අතර කතානායක කරු ජයසූරිය මහතා අද පෙරවරුවේ මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දුටුවේය.
ඒ සම්බන්දයෙන් කතානායක මාධ්‍ය අංශය විසින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.
''කථානායකවරයා මහා නා හිමිවරුන් හමුවේ පැවසූවේ රටේ උද්ගත වී ඇති දේශාපාලන අවුල් සහගත තත්වය වඩාත් යහපත් ලෙස විසදා ගැනීමට මෙම අවස්ථාවේ දී මහා නා හිමිවරුන්ගේ මග පෙන්වීම ඉතා වැදගත් බවයි.
ඉතිහාසයේ සෑම විටකම මෙවැනි අවස්ථාවලදී මහා සංඝරත්නය පෙරට පැමිණ නිවැරදි මග පෙන්වා ඇති බව පෙන්වා දුන් කථානායකවරයා සඳහන් කලේ පැන නැගී ඇති තත්වය වීථී සටන් තුලින් විසදා ගැනීම නොව වඩාත් ශිෂ්ඨ සම්පන්න ක්‍රමය වනුයේ ප්‍රජාතන්ත්‍රවාදීව පාර්ලිමේන්තුව තුලින් විසාදා ගැනීම බවයි.
මෙම අවස්ථාවේදී කවර හෝ පාර්ශවයක් වෙනුවෙන් හෝ පුද්ගලයෙකු වෙනුවෙන් පෙනි සිටිමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බැවින්, රටෙත්, ජනතාවගෙත් යහපත වෙනුවෙන් සාම කාමීව විසදා ගැනීමට උත්තරීතර පාර්ලිමේන්තුව වෙනුවෙන් උපරිමයෙන් සහායවීම තම අරමුණ බවත්ය.
මේ වන විටත් වාර්තා වී ඇති පුද්ගල ඝාතන දෙකක් ඇතුළු නොසන්සුන්කාරී සිදුවීම් ද ලෝකයේ විවිධ රටවල් වලින් සිය රටවල පුරවැසියන්ට ශ්‍රි ලංකාවේ සංචාරය පිළිබඳ නිකුත් කර ඇති අනතුරු ඇඟවීමේ නිවේදන ද රාජතාන්ත්‍රික වශයෙන් සහ ආර්ථික වශයෙන් රට තුල දැවැන්ත පසුබෑමක් ඇති කිරීමට ඉඩ ඇති බැවින්, අද්දැකීම් ලත් පරිනත නායකයන් ලෙස පාර්ලිමේන්තුව කඩිනමින් කැදවා බහුතර මතයට හිස නමමින් ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ වගකීම සියළු පාර්ශවයන්ට සිහිපත් කරන ලෙසද කථානායකවරයා මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ ය.

0 comments :
Post a Comment