සිරිසේනට දැනටමත් රාජපක්ෂ භීතිකාව.

මේ වන විට කුමන්ත්‍රණ ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමාණය එක්කර ගත නොහැකිව වියරු වැටී සිටින සිරිසේන ජනාධිපති  කුමන්ත්‍රණ ආණ්ඩුවේ සියළු අමාත්‍යංශ තම භාරයේ තබා ගැනීම සඳහා විශේෂ ලේඛණයක් යටතේ ලේකම්වරුන් පත්කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.

අමාත්‍යංශ 30ක් සඳහා මේ වන විටත් රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨ නිලධාරීන් අමතා ලේකම්ධුර ලබා ගැනීමට යෝජනා කරමින් ඇතත් ජේෂ්ඨ නිලධාරීන් රැසක් අමාත්‍යංශ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මෙහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ සිටින මහින්ද පාර්ශවයද තමන් ලබාගන්නා අමාත්‍යංශ සඳහා අදාළ අමාත්‍යවරයා නම් කරන ලේකම්වරයෙකු පත්කර ගන්නට අවශ්‍ය බව සිරිසේන ජනාධිපතිට දන්වා ඇතත් සිරිසේන ජනාධිපති එය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.

මීට පෙර කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස මහින්දව පත්කළ අවස්ථාවේ කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලේකම් ලෙස ලලිත් වීරතුංග පත්කරන ලෙස මහින්ද මහතා යෝජනා කර සිටියත් ලලිත් වීරතුංගට දුෂණ චෝදනා ඇති බව පවසා සිරිසේන ජනාධිපති එය ප්‍රතික්ෂේප කළ බවද වාර්තා විය.

මේ අතර දැනටමත් වියරු වැටී සිටින සිරිසේන ජනාධිපතිගේ දේශපාලන උපදේශකයන් දෙදෙනාගෙන් අයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ නැවතත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය ලබාදෙන ලෙස ජනාධිපතිගෙන් ඉල්ලා ඇති බවත් එහෙත් එය ඔහුට ලබාදීමද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ වුවත් මේ සම්බන්ධව අදහස් දක්වන එම පාර්ශවයේ පිරිස් සඳහන් කරන්නේ ජනාධිපතිවරයාට එරෙහිව රාජපක්ෂලා බලය තහවුරු කරගැනීමේ සූදානමක් පිළිබඳ සිරිසේන ජනාධිපති භීතියකින් පෙළෙන බැවින් මෙසේ හැසිරෙන බවය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment