අගමැති අර්බුදය : දෙමළ ජාතික සන්ධානයේ තීරණය තවම නෑ!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහ කරනු ලැබ නව අගමැතිවරයා ලෙස පත්කිරීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා සිට රට තුළ දේශපාලන අර්බුදයක් මතු වී තිබේ.

ඒ සමගම ජනාධිපතිවරයා විසින් ලබන නොවැම්බර් 16 වෙනි දින දක්වා පාර්ලිමේන්තුව කල් දමනු ලැබුව ද, පාර්ලිමේන්තුව වහාම යළි කැඳවන මෙන් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කතානායක කරු ජයසූරියගෙන් ලිඛිතව ඉල්ලීම් කර තිබේ.

මන්ත්‍රීවරුන් 129 ක් පමණ එම ලිපිවලට අත්සන් තබා ඇති බව ද බීබීසී සිංහල සේවය වෙත අනාවරණය වේ.

කෙසේ වුවත් මේ අර්බුදයේදී කවර ස්ථාවරයක් ගත යුතු දැයි මෙතෙක් තීරණය කර නැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

'මන්ත්‍රීවරුන්ගේ අයිතිය'

බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් විපක්ෂනායක ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස සන්ධානයේ මන්ත්‍රීවරුන් අඟහරුවාදා රැස්වන බවය.

පාර්ලිමේන්තුව කැඳවන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේ කිසිදු පාර්ශවයකට සහාය දීම පිණිස නොවන බව ද ඔහු අවධාරණය කළේය.

මන්ත්‍රීවරුන්ගේ ඒ අයිතිවාසිකමට කිසිදු බාධාවක් නොවිය යුතු බව ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් කරුණු දක්වූ විපක්ෂනායක ආර් සම්බන්ධන්: "අපි මේ ඉල්ලීම කරලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නෙවෙයි; මහින්ද රාජපක්ෂ වෙනුවෙන් නෙවෙයි. අපි ඉල්ලලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ අයිතිවාසිකමක්," යනුවෙන් ද සඳහන් කළේය.

(BBC Sinhala)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment