පාර්ලිමේන්තුව කල්තැබීමෙන් අනවශ්‍ය අර්බුදයක් ඇතිවෙලා - ජාත්‍යන්තර නීතීවේදීන්ගේ කොමිසම .


උද්ගතව ඇති දේශපාලන අර්බුදය විසඳා ගැනීමට වහා පාර්ලිමේන්තුව කැඳවන්නැයි ජාත්‍යන්තර නීතීවේදීන්ගේ කොමිසම ජනාධිපතිවරයාට දැනුම් දෙනවා.

නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසටයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

පාර්ලිමේන්තුව කල් තැබීම හරහා ශ්‍රී ලංකාව තුළ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම පෙන්වා දෙන්නේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා අග්‍රාමාත්‍යවරයාට අයත් බලතල පැහැදිලිව දක්වා ඇති බැවින් ඊට අනුව කටයුතු කරන ලෙසට ද නිවේදනයක් නිකුත් කරමින් කොමිසම අවධාරණය කරනවා.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment