ලංකාවේ අගමැති වෙනසට විරෝධය පා දිල්ලියේ සරසවි සිසුහු විරෝධතාවයක.


ශ්‍රී ලංකාවේ පැන නැගී ඇති දේශපාලන අර්බුදකාරී තත්ත්වයට විරෝධය දක්වමින් ඉන්දියාවේ නවදිල්ලියේ  පිහිටි දකුණු ආසියානු විශ්ව විද්‍යාලයන් හි ඉගෙනුම ලබන ලාංකික සිසුන් පිරිසක් නිහඩ විරෝධතාවයක නිරත වී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත්පත අද (31) වාර්තා කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්  හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමත්‍ය ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම  ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ගයක් ලෙස පවසමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් සිසුන් විරෝධතාවයේ නිරත වූ බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

ජනාධිපති  විසින්  ප්‍රතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට ගරු කරමින් පාර්ලිමේන්තුව කැඳවිය යුතු බවද එම සිසුහු පෙන්වා දෙති.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ලියූ ලිපියක් නව දිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියොජ්‍ය මහ කොමසාරිස්වරයා වෙත බාර දෙන ලදී.

සිසුන් 1000 කට අධික සංඛ්‍යාවක් විසින් අත්සන් කරන ලද ලිපියේ මෙසේ සඳහන් වේ. 

"අගමැති රනිල් වික්‍රිමසිංහ ඉවත් කිරීම හා මහින්ද රාජපක්ෂ පත්කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන දර්ශනය තුළ වර්ධනය වෙමින් පවතින අවිනිශ්චිතතාව පිළිබඳව නවදිල්ලියේ දකුණු ආසියානු විශ්ව විද්‍යාලයේ සිසුන් වන අපි සැලකිලිමත් වෙමු. පාර්ලිමේන්තුවේ දී බහුතරයක් නොමැතිව රහසිගතව සිදු කර ඇති මෙම ක්‍රියාව දැනටමත් ජනතාවගේ ජීවිතවලට සැලකිය යුතු බාධාවක් වී ඇති අතර ජීවිතද බිලිගෙන ඇත. මේ මොහොතේ ව්‍යවස්ථාව ප්‍රකාරව මෙම ක්‍රියාමාර්ගයේ නීත්‍යනුකූලභාවය ගැන අපි විවාද කරන්නේ නැත. ක්‍රියාකාරීත්වයේ ආචාර ධර්ම හා රට අස්ථාවර කිරීමට ඇති දේශපාලන අවිනිශ්චිතභාවය ගැන අපි සැළකිලිමත් වෙමු. "

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment