ලංකා ජයරත්න කොටුව අධිකරණයෙන් ඉවතට : වෙනස හොරු බේරන්න ද?


මේ වන විටත්  කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ලංකා ජයරත්න මෙනෙවිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස මාරු කර යවා තිබේ.

 ඒ වෙනුවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ රංග දසනායක පත් කර ඇත. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ කාලයේ සිදු වූ පැහැරගැනීම් සහ ඝාතන රැසක් සම්බන්ධ නඩු විබාග කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේය. මේ නඩු විභාග වලදී මහේස්ත්‍රාත්වරිය සෘජු තීරණ ගැනීම සහ නියෝග ලබා දීම නීති ක්ෂේත්‍රයේ පැසසුමට ලක් විය. නාවික හමුදා සාමාජිකයන්ට චෝදනා එල්ල වී ඇති තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම මෙන්ම පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් පරීක්ශන පවත්වන නඩුද ඒ අතර විය.

 මහින්ද රාජපක්ශ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේ මෙසේ විනිසුරුවරුන් මාරු කිරීම සුලබව දැකිය හැකි විය.

 ලංකා ජයරත්නට උසස්වීමක් ලබා දුන් බව පෙනෙන්නට තිබුනද, මේ පිටුපස ඇති සත්‍ය කතාව නම් සති කිහිපයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තබා මහාධිකරණ විනිසුරුවරියක ලෙස පත් කොට, ඇයව කොළඹින් පිටතට යැවීමය. එවිට අදාළ ප්‍රධාන නඩු වලට මැදිහත් වීමට ඇයට අවස්තාවක් නොලැබේ.

රංග දසනායක මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට තාවකාලිකව පත්කර ඇති අතර, ඔහු වෙනත් ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයකට කඩිනමින් පත් කිරීමට නියමිතය. ඉන් පසු අදාළ නඩු විභාග තමන්ට අවශ්‍ය පරිදි කර ගැනීමට රාජපක්ශලාට හැකියාව ලැබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment