රනිල් තවමත් නීත්‍යානූකූල අගමැති-බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් ප්‍රකාශයක්.


හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යානූකූල අගමැති වශයෙන් පිළිගන්නා බව අද(30) දින බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශයක් කර තිබේ.

ඒ බ්‍රිතාන්‍ය ‍විදේශ කටයුතු ලේකම්වරයා හා කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයර් මහතා අතර ඇති වු සංවාදයක් අතර තුරදීය.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය මෑතක දී සිදු කළ ක්‍රියාව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සෘජු ලෙස පටහැනි බවත්, ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූල අගමැතිවරයා වශයෙන් තවමත් රනිල් වික්‍රමසිංහ මහතා පිළිගන්නා බවත් මෙහිදී හියුගෝ ස්වයර් මහතා පවසා තිබේ.

ඉදිරි දිනක මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ පිළිබඳ අවධාරණය කර සිටී ද යනුවෙන් අසන ලද පැනයට පිළිතුරු දෙමින් හියුගෝ ස්වයර් පවසා ඇත්තේ නිසැක වශයෙන්ම තමා මේ පිළිබඳ අවධාරණය කරන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී හියුගෝ පවසා ඇත්තේ, මෙම තත්ත්වය වෙනස් කළ හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණක් බවත්, එනිසා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කරන ලෙසත්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ කටයුතු ලේකම් වරයා කියා සිටියේ,ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ කතා කරන විට මෙම කරුණු ඉදිරිපත් කරන බවත්, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන දැඩි අවධානයෙන් සිටින බවත්ය.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව දැඩි අවධානයකින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment