කුමන්ත්‍රණ ආණ්ඩුවේ හීනමානය දෝරේ ගලයි : පෝස්ටර් එකටත් වලි.

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්දට සුභ පතන සෑම ප්‍රචාරක පුවරුවක් සහ පෝස්ටර්, බැනර් ආදි සියල්ලේම ජනාධිපති ලෙස සිරිසේනගේ සහ අගමැති ලෙස මහින්දගේ ජායාරූප යොදන විට කිසිඳු අවස්ථාවක මහින්ද මහතාගේ ජායාරූපය කුඩා නොකරන ලෙස රාජපක්ෂ පවුලේ ප්‍රධානියකු විසින් පොදුජන පෙරමුණේ සංවිධායකයන් දැනුවත් කර ඇති බව වාර්තා වෙයි.

එසේම සිරිසේන - මහින්ද එකට සිටින ජායාරූප වෙනුවට මහින්ද රාජපක්ෂගේ තනි ජායාරූප යොදන ලෙසද එහිදී වැඩිදුරටත් දන්වා ඇති බවද දැනගන්නට ඇත.

ජනාධිපති කාර්යාලය බයවෙලා !

කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්වීමත් සමඟ රාජපක්ෂ හිතවාදී ජාවාරම්කාර ව්‍යාපාරිකයන් විසින් දියත්කර තිබෙන ප්‍රචාරක ව්‍යාපෘතියක් සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ දැඩි අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුවී ඇත්තේ  ජනාකීර්ණ ස්ථාන ආශ්‍රිතව අති විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු වල "මහින්ද රාජපක්ෂ ජනාධිපති" ලෙස නම් කරමින් සුභාශිංසන පල කෙරෙන ආකාරයට අදාළ ප්‍රචාරණ ව්‍යාපෘතිය දියත්කර තිබීමය.

මේ සම්බන්ධව වාර්තා වූ සැනින් ඒ සියල්ල නැවත සංස්කරණය කර ඒ බව තහවුරු කරන ජායාරූප නැවත ජනාධිපති කාර්යාලය වෙත එවන ලෙස අදාළ ප්‍රචාරක ව්‍යාපාරය දියත් කළ පාර්ශව වෙත දන්වා ඇති බවද දැනගන්නට ඇත.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment