තවමත් අගමැති රනිල් - තානාපතිවරු විසිපහක් කියති.


ව්‍යවස්ථා විරෝධී ලෙස අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ නමට පමණක් අගමැති බව ජාත්‍යන්තරය ද පිළිගෙන ඇති බව දැන් සක් සුදක් සේ පැහැදිලි ය.

ඒ, ඊයේ අරලියගහ මන්දිරයට පැමිණි රටවල් විසිපහක තානාපතිවරු අගමැති රනිල්වික්‍රමසිංහ මහතාට සහය දක්වන බව ප්‍රකාශ කිරීමෙනි.

චීන තානාපති පමණක් මහින්ද රාජපක්ෂ හමුවීමට ගිය අතර ඒ පිළිබඳ මහින්ද පාර්ශ්වය උදම් ඇනුව ද මහින්ද රාජපක්ෂ හමුවීමෙන් අනතුරුව චීන තානාපති පැමිණ තිබෙන්නේ ද අරලියගහ මන්දිරයට ය. එහි පැමිණි චීනතානාපති ඇතුළු පිරිස පැයකට අධික කාලයක් අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව වාර්තාවේ

මෙම තානාපතිවරු පිරිස අතර ඇමරිකාව, එක්සත් ජනපදය, යුරෝපා සංගමයට අයත් රටවල් සහ ඉන්දියාව පාකිස්ථානය ඇතුළු ලොව ප්‍රධාන රටවල තානාපතිවරුන් 25 දෙනෙකු සිටි බව එම වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි. ජනාධිපතිවරයා සිදුකළ ව්‍යවස්ථා විරෝධී වත්මන් ක්‍රියා පිළිවෙත පිළිබඳ අරලිය ගහ මන්දිරයට පැමිණි තානාපතිවරුන් වෙත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කර ඇත.

එහි දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ තමන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව රටේ ප්‍රජාතන්තවාදය සහ සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් රට තුළ පමණක් නොව ජාත්‍යන්තරය තුළ ද ක්‍රියාත්මක කළ බවයි. ඒ සම්බන්ධයෙන් තවත් දැවැන්ත මෙහෙයක් ඉටු කිරීමට තිබෙන බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත. එවන් අවස්ථාවක දී ජනාධිපතිවරයා අත්තනෝමතිකව බහුතර බලයක් නොමැති වෙනත් පුද්ගලයෙකු අගමැතිවරයෙකු ලෙස පත් කිරීම ව්‍යස්ථා විරෝධී බව ද තානාපතිවරුන්ට කරුණු දක්වා ඇත. මීට පෙර ද තමන් බලයෙන් පහ කිරීමට ව්‍යවස්ථානුකුලව උත්සාහ කළ ජනාධිපතිවරයා එම කුමන්ත්‍රණය පරාජය වූ බවද සිහිපත් කර දී ඇත. ඒ, මෑත දී ගෙන ආ විශ්වාස භංග යෝජනාව බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංංහ මහතා පවසා ඇත. එදා තමන්ට බහුතර බලයක් පවතින බව ව්‍යවස්ථානුකුලව ඔප්පු කර තිබිය දී වුව ද මේ ආකාරයට ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා සිදුකිරීමෙන් සමස්ත රට ම අගාධයක් කරා ගමන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කර ඇත. තමන්ගේ බලය පෙන්වීමට පවතින එකම නීත්‍යානුකූල මෙන්ම ව්‍යවස්ථානුකූල අවස්ථාව වන පාර්මේන්තුව රැස්වීම පවා මේ වන විට වළක්වා ඇති බැවින් වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතර බලය තමාට තිබෙන බව පෙන්වීමට අවස්ථාව ලබා දී ප්‍රජාතන්ත්‍රවාදයත් පාර්ලිමේන්තු සම්ප්‍රදායත් රැක ගැනීමට සහාය දක්වන ලෙස අගමැතිවරයා තානාපතිවරුන්ගෙන් ඉල්ලා ඇත.

මෙහිදී සිය අදහස් දැක්වූ සෑම තානාපතිවරයෙකුම පවසා ඇත්තේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් සහාය ලබා දෙන බවයි. ඊට පටහැනිව සිදුකරන ක්‍රියාදාම පිළිබඳ තමන් සියලු දෙනා ම දැඩි අවධානයකින් පසුවන බව පවසා ඇති ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතා තව දුරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නා බව ද සනාථ කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment