අරලියගහ මැදුරෙන් අපි යන්නෙ මහින්ද නීතියෙන් අගමැති වුවොත් විතරයි


රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත්ව නොයන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු. මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසි තිබේ. ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා තවදුරටත්
පාර්ලිමේන්තුවේ බහුතරය ඇති අග‍්‍රාමාත්‍යවරයා බවයි.

ඔහු මෙම අදහස් පළ කළේ

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ඊයේ (27) කළ ප‍්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදීයි.

එහිදී “එක්සත් ජාතික පක්ෂය කියන්නේ වැදගත් පක්ෂයක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ නීති ගරුක නායකයෙක්. නීත්‍යාණුකූලව අගමැතිවරයෙක් පත් වූ විට අරලියගහ මන්දිරයෙන් ඉවත්වීමට අපි ලෑස්තියි. පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රිවරුන්ගේ සහයෝගය ගත හැකි පුද්ගලයා අගමැතියි. ඔය අරලියගහ මන්දිරය ගන්න තියෙන හදිසිය වගේ කඩිනමින් පාර්ලිමේන්තුවත් රැස් කරලා මේ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්. එහි බහුතරය මහින්ද රාජපක්ෂට තියෙනවා කියලා පෙන්නුවොත් එහි බහුතරය රනිල් වික්‍රමසිංහ මහත්තයාට නැති නම් ඒ මොහොතේම අරලියගහ මන්දිරය අත්හැර දාලා යන්න පුළුවන්.”

යනුවෙන් සඳහන් කළා.

විමල් වීරවංශ මන්තී‍්‍රවරයා ප‍්‍රකාශ කළේ අද (28) පෙරවරු 08.00 වනවිට රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් විය යුතු බවයි. එසේ නොවුණහොත් නීති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද විමල් කියා තිබුනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment