ඇමරිකානු පුරවැසි ගෝඨාභය, බැසිල් කුමන්ත්‍රණයක : ඇමරිකානු රජයෙන් ඉල්ලීමක්.

ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රී ලාංකාව තුල ක්‍රියාත්මක වන කුමන්ත්‍රණයට ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඇමරිකානු පුරවැසියන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සම්බන්ධයෙන් වහා පියරක් ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගෙන් ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් ලිඛිත ඊයේ (29) ඉල්ලීමක් කර ඇත.

ඕනෑම රටක ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට දායකත්වය ලබාදීම ඇමරිකාවේ පුරවැසියන්ට යෝග්‍ය නොවන්නක් බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ. 

ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකයෙකුගේ නමින්  මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. 

එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයටද ෆැක්ස් කර ඇතැයි වාර්තා වේ.

එම ලිපියේ පිටපතක් පහත දැක්වේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment