ජයග්‍රහණයෙන් මිස කිසි විටක සටන පාවා දෙන්නේ නෑ : රනිල්


ප්‍රජාතන්ත්‍රවාදී දෙවොල අරලියගහ මන්දිරය මූලික කරගෙන රට පුරා ව්‍යාප්ත කරන බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනවරම පාවාදුන් ඒකාධිපති කුමන්ත්‍රණ කිසිවිටක ඉඩ නොතබන බව ද රනිල් වික්‍රසිංහ මහතා කීවේය.

ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා අතීතයේ සිට ලේ කඳුලු දහදිය හෙලූ තමා ඇතුළු එජාප පාක්ෂිකයන්ට මේ ගමන ඉතා හුරු පුරුදු බව ද වික්‍රමසිංහ මහතා සඳහන්කළේය.

‘‘ජන බලය පාවා දෙන්නට අපි ඉඩ දෙන්නේ නෑ. අරලියගහ මන්දිරයේ  ඇරැඹි සටන රට වටේම යනවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට පියවර ගන්නනවා. මේ සටන ජයග්‍රහණයෙන් මිස කිසි විටක පාවා දෙන්නේ නෑ. පාර්ලිමේන්තු බලය ඉක්මණින් තහවුරු කර ප්‍රජාතන්ත්‍රවාදයී රජ්‍යයක් ලෙස රට ඉදිරියට කරගෙන යනවා.‘‘



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment