මුදල් අමාත්‍යාංශයත් සීල් : ඉතිරි අමාත්‍යංශත් සීල් තැබීමට සූදානම් : රාජ්‍ය සේවක දඩයම ඇරඹේ.
අද (30) මුදල් අමාත්‍යංශය වටලා ඇති පොලිස් නිළධාරීන් පිරිසක් අමාත්‍යංශයේ කාර්යාල කාමර ගනනාවකට ඇතුල් වී පරිගනක ලිපි ගොනු රැසක් අත් අඩංගුවට ගෙන තිබේ.
පසුව මුදල් අමාත්‍යංශ උපදේශකවරයකු ලෙස කටයුතු කළ මනෝ තිත්තවෙල මහතා යටතේ ක්‍රියාත්මක වූ සංක්‍රාන්තික යුක්තිය හා සංහිඳියාව පිළිබඳ සංනිවේදන මධ්‍යස්ථාන කාර්යාල කාමරය මුද්‍රා තැබීමටද කටයුතු කර ඇත.
කුමන්ත්‍රණ ආණ්ඩුව විසින් මේ වන විට ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් පාර්ලිමේන්තුව කල්තබා බලය අඛණ්ඩ කර ගැනීමේ තවත් පියවරක් ලෙස මෙම ක්‍රියා මාර්ගය දියත් කර ඇති අතර සියළු අමාත්‍යංශ සීල් තබා ඒ සියල්ලේ බලය කුමන්ත්‍රණ ආණ්ඩුව මෙහෙයවන සිරිසේන - මහින්ද ජුන්ටාව යටතට ගැනීමේ සූදානම මේ පසුපස තිබේ.
රාජ්‍ය සේවක දඩයම ඇරඹේ
මීට සුළු මොහොතකට පෙර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීරගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොළුවගේ රියදුරු ලෙස කටයුතු කළ හිමේෂ් නිසංසල ද සිල්වා මහතාට පහරදී ආයතනයෙන් පිටමංකර ඇත.
නැවත සේවයට පැමිණියහොත් මරා දමන බවටද ඔහුට තර්ජනය කර ඇතැයි වාර්තා වෙයි.

0 comments :
Post a Comment