කොළඹ-යාපනය දුම්රියට එල්ල කළ ගල් ප්‍රහාරයකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට


කොළඹ සිට යාපනය දක්වා උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය කරමින් තිබූ ශීඝ්‍රගාමී දුම්රියකට කඩාකප්පල්කාරීන් පිරිසක් එල්ල කළ ගල් ප්‍රහාරයක් හිසට වැදීමෙන් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්‍ෂණ
රෝහලේ ප්‍රතිකාර  ලබමින් සිටි දමිළ ජාතික වයෝවෘද්ධ පුද්ගලයකු පෙරේදා (28දා) අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය පවසයි. මෙසේ ජීවිතයට පත්වී ඇත්තේ අංක 162, දෙවැනි පටුමග, පූමාන්කුලම, වවුනියාච ලිපිනයේ පදිංචිව සිටි

දෙදරු පියකු වූ ටී. සිවසීලන් මහතායි (63). මරණකරු උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ රාත්‍රි ශීඝ්‍රගාමී දුම්රියෙන් වවුනියාව නගරයට යමින් සිටියදී අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය හා සාලියපුර උප දුම්රිය ස්ථානය ආසන්නයේදී අවාසනාවන්ත ලෙස මෙම අනතුරට මුහුණපා තිබිණි.

මරණකරු දුම්රිය ජනේලය ආසන්නයේම ගමන් කර තිබෙන අතර වේගයෙන් ගමන් කළ දුම්රියට කිසියම් පිරිසක් කළුගල්වලින් පහර දුන් අවස්ථාවේ එය ඔහුගේ හිසෙහි වැදී බරපතළ තුවාල සිදුවී තිබෙන බවත් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා අනතුර සිදුවී දින පනස් නවයකට පසුව ජීවිතක්‍ෂයට පත්වී ඇති බවත් පොලිසිය පැවැසුවේය. කිසියම් කණ්ඩායමක් විසින් විනෝදය උදෙසා දුම්රියට ගල් ප්‍රහාර එල්ල කර තිබෙන බවට පොලිසියට අනාවරණය කරගෙන තිබෙන අතර එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ සිදුකරයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය අනුරාධපුර ශික්‍ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී. විදානගමගේ මහතාගේ උපදෙස් මත උප පොලිස් පරික්ෂක ජේ.එම් ප්‍රේමතිලක මහතා වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.

-මහේෂ් විජේසුරිය-

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment