තමන්ගේ ගොඩට වැඩිපිරිසක් අල්ලා ගැනීම බව දේශපාලන දෙගොල්ලන්ටම වැටහී තිබෙන අතර මහජන මතය හෝ වෙන කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නොසිතා තම කෛරාටික උපායයන් යොදවා ගොඩ වැඩිකිරීම ඔවුනගේ උපාය වී තිබේ.
මේ යටතේ බැසිල්ගේ මූලිකත්වයෙන් මහින්ද පිලේ
මේ අතර බැසිල් හා මංගලගේ මෙහෙයුම් වලට දායකත්වය සපයන්නට කළුසල්ලි හා විදේශ මුදල් යහමින් හුවමාරු වන බවටද දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. එය බොහෝ දුරට සමාන වී ඇත්තේ ඉන්දියාවේ පවත්වන අයිසීසී වෙන්දේසියටය. මාලිංග සංගක්කාර වැනි ක්‍රීඩකයින් වැඩි මිලට ලන්සු තැබීම හා එතරම් ඉහළ නමක් නැති නවක ක්‍රීඩකයින් අඩුවට ලන්සු තැබීම වැනි ක්‍රමවේදයක් එහි ක්‍රියාත්මක වන බව පැවසේ.
ක්‍රිකට් වෙන්දේසියේ ආකාරයටම ලක්ෂ 2500 කියන අය 2600 කියා නම්මවා ගැනීමටද දෙපිළම පෙළැඹ තිබෙන අතර අවසානයේ රහසේම තමන්ට හිමි උපරිමය ලබාගන්නා ක්‍රීඩකයා කන්ඩායමේ නම මුම්බායිස්ද චෙන්නායිද කියා වගක් නැතිව එය වෙත නැඹුරු වන තත්වයක් ඇතිව තිබේ.
මෙම දේශපාලන වෙන්දේසියේ වඩාත් උපායශීලී ක්‍රීඩකයින් තමන් අරහෙට ගියා මෙහෙට යනවා ලෙස විවිධ මාධ්‍ය ඔස්සේ ආරංචි පතුරා තමන්ගේ වටිනාකම ඉහළ දමාගැනීමේ කටයුත්තකද නිරතවේ. ඊයේ රෑ එකට කාබී නෑ නෑ කියා ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වා ඉහළම ඩීල් එකට යන්නේද මේ අනුවය.
මේ අතර බැසිල් - මංගල මෙහෙයුම් දෙකේදී දෙපිරිස අතර එකතුකිරීම් (කවුන්ටින්) අවුල් කිරීමටද මේ ආකාරයට රඟපාන්න යයි උපදෙස් සපයා ඇත. ඒ අනුව තමන් ඩීල් එක අහවර කළත් අවස්තාව එනතුරු එසේ ගිය බව අඟවන්නේ නැතිව සිටීමෙන් අනෙක් පාර්ශ්වයේ එකතු කිරීම් අවුල් කරදමන්නට හැකියාව ලැබී ඇත.
මුද්දර උඩ අත්සන් තබා කෑගසා දිවුරා කවරක් කීවත් මුදල් හා බලය ලෝලීත්වය මුසු මිනිස් දුර්ගතිය හමුවේ මේ සියල්ල වෙනස්වන්නට හැකියාව ඇත්තේ එක් මොහොතකිනි.
ඡන්දය පවත්වන තුරු අවසන් මොහොත දක්වා කිසිවෙකු විශ්වාස කරන්නට බැරි මෙම ක්‍රීඩාව රසවත්ව ඇත්තේ මේ නිසාය.
කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ රටේ මහජනතාවගේ අනාගතය පැත්තෙන් මෙම ප්‍රවණතාව ඉතා භයානක හැසිරීමකි.

0 comments :
Post a Comment