කරූගේ පැනයට - නීතිපතිට කටඋත්තර නෑ!


ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යධුරය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් අර්ථ කතනයක් කරන ලෙසට කථානායක කරු ජයසූරිය මහතා පසුගිය 29 දා නීතිපති ජයන්ත ජයසූරිය මහතාගෙන් විමසා සිටියේය.

ඒ පිළිබඳව තමන්ට මතයක් ප්‍රකාශ කළ නොහැකි බව ජයන්ත ජයසූරිය මහතා කථානායකවරයාට ලිපියක් යොමුකරමින් පවසා තිබේ.

“ව්‍යවස්ථාවේ නීතිපතිවරයාගේ කාර්ය භාරය පිළිබඳව සඳහන් පරිදි එම ප්‍රශ්ණයට පිළිතුරු දීම සුදුසු නොවේ” යැයි ඔහු කථානායකට යොමුකළ ලිපියේ දැක්වෙයි.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment