අග්‍රාමාත්‍යවරයෙකු තේරීමේ කිසිදු බලයක් පාර්ලිමේන්තුවට නෑ- ගම්මන්පිල

අග්‍රාමාත්‍යවරයෙකු තේරීමේ බලයක් පාර්ලිමේන්තුවට නොමැති බවත්, පාර්ලිමේන්තුවට ඇත්තේ අගමැතිවරයා ඉවත් කිරීමේ බලය පමණක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.


කොළඹදී

පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීය. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි බවද හෙතෙම සඳහන් කළේය.

"අපි රටේ නීතිය අනුගමනය කරනවා. පාර්ලිමේන්තුව කැදෙව්වා කියලා බලය පෙන්නන්න බෑ. රටේ ජනාධිපතිවරයා පත්කළ අගමැති කෙනෙක් ඉන්නවා නම් ඔහු තමයි අගමැති. ඔහු ඉවත් කරන ජනාධිපතිවරයාට පුළුවන් අවස්ථා තිබෙනවා. නම් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ යුතුයි.
ව්‍යවස්ථාවේ තිබෙන ක්‍රමවේදවලට අනුව මිසක් පාර්ලිමේතුව නැවත කැඳවා කියා, කවුද අගමැති කියලා තීරණය කරන්න බෑ. ව්‍යවස්ථාවේ කොතැනකවත් අගමැති මේ බලයක් පාර්ලිමේන්තුවට හෝ කථානායකට දීලා නෑ. අගමැති ඉවත් කිරීම ගැන පමණයි කියලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කරලා ඉවරයි. කථානායකවරයා ව්‍යවස්ථා විරෝධී කටයුතු කරනවා” යනුවෙන්ද ඔහු කියා සිටියේය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment