රනිල්ගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක්!
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් අලුත් දේශපාලන සන්ධානයක් ගොඩනැගෙන බව කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසයි.
ඔහු එම කාරණය අනාවරණය කර ඇත්තේ 'මව්බිම' පුවත්පත සමග පැවති සාකච්ජාවකදීය.
''හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සභාග ආණ්ඩුවක් හදන්න ඕන කියලා යෝජනා ඉදිරිපත් වෙමින් තියෙනවා?'' නේදැයි පුවත්පතේ මාධ්‍යවේදියා කල විමසීමට ප්‍රතිචාර දක්වන ඇමතිවරයා, එම කතාව අත්තක් නොවන බවත් එය සැබෑ නොවන හීනයක් බවත් අවධාරණය කර සිටියි.
''ඔය කතාව ඇත්තක් නෙවෙයි. අනෙක ඔය හීනේ සැබෑ වෙන්නේ නැහැ. විපක්ෂයට ඕන ආණ්ඩුව පෙරළන්න. මේ ආණ්ඩුව කොහොම වුණත් 2020 වෙනකම් තිබෙනවා. ඒක ස්ථිරයි. මේ කතාව පිටින් ගොතපු කතාවක්. අපි කියන්නේ පුළුවන් නම් ආණ්ඩුවක් පිහිටුවල පෙන්වන්න කියලා.'' ඇමතිවරයා සඳහන් කරයි.
'මෛත්‍රී කවදාවත් එහෙම කරන්නේ නැහැ'
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒකාබද්ධ විපක්ෂය හා සාකච්ඡා පැවැත්වීම පිළිබඳවත්, ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් හදන ඒකාබද්ධයේ අලුත් සන්ධානය පිළිබඳවත් අදහස් දක්වා ඇති ඇමතිවරයා මෙසේ සඳහන් කර තිබේ.
''අපි මේවා දකින්නේ පත්තරවලින්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිම දවසක එහෙම කරන්නේ නැහැ. මොකද ඔහුව බලයට පත් කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ අනෙකුත් සුළු දේශපාලන කණ්ඩායම්.''
0 comments :
Post a Comment