එජාප උද්ඝෝෂණයට අදාළව වාරණ නියෝගයක්.


එක්සත් ජාතික පක්ෂය අද පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වාරණ නියෝගයක් පනවා තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු පිරිසකට නිකුත් කළ එම වාරණ නියෝගයට අනුව රජයේ පරිශ්‍රවලට ඇතුළු වීම තහනම් වෙ.

මහ ජනතාවට පීඩා වන අයුරින්, උද්ඝෝෂණ පැවැත්වීම හා මහජන සාමය කඩවන අයුරින් උද්ඝෝෂණ පැවැත්වීම ද මේ යටතේ තහනම් වනු ඇති.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට කළ දැනුම්දීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙම වාරණ නියෝගය නිකුත් කළේ ය.

මේ අතර පොලිස් මාද්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද දින සියලු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද දින කොළඹ කිසිදු කළහාකාරී සිද්ධියක් නොවන ලෙස උපරිම ආරක්ෂාව යොදවන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment