රවී උඹ ගේම් එක අතට ගනින්-මුන්ට දුවන්න ගහපන්- අරලිය මැදුරට ආ මර්වින්


හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අරලියගහ මන්දිරයට පැමිණි සිය සහාය රනිල් වික්‍රමසිංහ මහතාට
ලබාදෙන බව ඊයේ (29දා)

පැවසීය. එහිදී ඔහු සඳහන් කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්වූයේ පිනට බවයි. මෙහිදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ,

"මගේ ආදරණීය මිත්‍රයා (රංජිත් මද්දුම බණ්ඩාර). මට දුකයි. මේ දකුනේ රුහුණේ මිනිහෙක් වරද්දගත්ත වරද්දා ගැනීමට. යකෝ අගමැතිකම ඕනෑ නම් පිනට ගන්න ඕනයැ නේද රවි. ආයුබෝවන් චන්ද්‍රානි, මම දැන් ඉන්නේ ඔයගොල්ලන්ගේ පළාතේ වීර දුටුගැමුණු සංවිධානයේ.

 දුටුගැමුණු සංවිධානයේ නායකයා. තවත් නායකයෙක් ඉන්නවා. මට ඉහළින් කිවුවා. දුටුගැමුණු රජතුමාට මෙයත් හම්බෙන්න කියලා සන්තෝසයි මචං. දැන් උඹ (රවී කරුණානායක) ගේම් එක ගනින් අතට, අරගෙන මුන්ට දුවන්න ගහපන්. තේරුණානේ රවී. පාලිත (තෙවරප්පෙරුම) එන්නකෝ. උඹ නැතිව මම යන්නේ නෑ" යනුවෙනි.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment