මන්ත්‍රීවරු 125කගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න : වහා පාර්ලිමේන්තුව කැදවන්න.


පාර්ලිමේන්තුව වහා කැදවා ස්ථාවරත්වය ඇති කරන ලෙස කථානායක කරූ ජයසුරිය මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා 

එසේ නොවුන හොත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගැනීමට ජනතාව විකල්ප මාර්ග වෙත යොමු වීම නොවැලක්විය හැකි බවයි කථානායක වරයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් කරූ ජයසුරිය මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය, තමිල් අරසු කච්චි, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රහසය යන දේශපාලන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125  කට වැඩි පිරිසක් නියෝජනය කරමින් තමා වෙත ලිපියක් ඉල්ලීමක් කර ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පාර්ලිමේන්තුව කැදවා යුක්තිය ඉටුවනු සඳහා අවකාශය සලසන තමා වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටින බවයි කථානායකවරයා ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment